නත්තල හා නව වසර ආරම්භය වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීම
නත්තල හා නව වසර ආරම්භය වෙනුවෙන් 2022 දෙසැම්බර් මස 22 වන දින සියලුම රජයේ පාසල්බා සඳහා නිවාඩු ලබාදේ. ඒ අනුව 2022 දෙසැම්බර් මස 23 වන දින සිට 2023 ජනවාරි 01 වන දින දක්වා පාසල් නිවාඩුව හිමිවන අතර නැවත පාසල් ආරම්භ වනුයේ 2023 ජනවාරි මස 02 වන දිනය.
ඒ අනුව 2022 වර්ෂයේ තෙවන වාරයේ පාසල් අධ්‍යයන කටයුතු වල දෙවන අදියර එදින සිට සුපුරුදු කාලසටහන යටතේ ආරම්භ කෙරේ. එහිදී 2021-2023 අධ්‍යයන වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) සිසුන් සඳහා 13 ශ්‍රේණියේ පළමු වාරයේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වේ.