භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 ඉතිහාසයෙන් බිඳක්

 

1980 දී මෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ නම් පූජ්‍ය ගෞරවාර්හ ලියන්ගහවෙල ශ්‍රී ගුණරතන නායක නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ බිබිලේගම සිරි සුසිමාරාම විහාරස්ථානයේ ආදි කතෘ වහන්සේ ද වූහ.

1902 පමණ විහාරස්ථානයට ආසන්න නිවසක සිසුන් කීපදෙනෙකුගෙන්  ඇරඹි මෙම පාසල 1906 දී පමණ විහාරස්ථානය ඇරඹීමත් සමග පන්සලේ බණ මඩුවට රැගෙන එන ලැදැයි සැලකේ. ඉන්පසු සිසුන් සංඛ්‍යාව වැඩි වීමත් සමග කුඩා පොල් අතු/මානම් සෙවිකළ ගොඩනැගිල්ලක් සදා එම ස්ථානයට ගෙන යන ලදී. ඒ විහාරස්ථානය අසළම වූ මංහින්න නම් ස්ථානයයි. ඒ 1911 දීය. එදා සිට මෙම පාසල හැඳින්වූයේ බිබිලේගම රජයේ පාසල යනුවෙනි. විහාරස්ථානයේ ආභාශය මුල සිටම මෙම පාසලට ලැබීම මෙහි ඉදිරි ගමනට මහත් ආශිර්වාදයක් විය.

ක්‍රමක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව වර්ධනය වීම නිසා ගොඩනැගිලි පහසුකම් නැති විම නිසාත් පාසල දැනට බිබලේගම ප්‍රාථමික විදුහල තිබෙන ස්ථානයට ගෙන ඒමට එදා රජය කටයුතු කරන ලදී. ඒ අංග සම්පූර්ණ නව ගොඩනැගිල්ලක් සාදා නිම කිරීමත් සමග එම මහගු කාර්ය සිදු වූයේ 1959 වර්ෂයේ යැයි සැලකේ.  මෙම නව පාසල නිළ වශයෙන් විවෘත කිරීම සිදු වූයේ 1960.01.01 දින එවක ගරු අධ්‍යාපන ඇමති වී සිටි ඩබ්.දහනායක මහතාගේ සුරතිනි. එතුමා එවක වැඩ බලන අගමැති වශයෙන් ද කටයුතු කළ බව නොරහසකි. ඒ සමග පාසලේ අ.පො.ස.උසස් පෙල කලා විෂය ධාරවත්ආරම්භ කරන ලදී. දිනෙන් දින වසරෙන් වසර පාසල තුළ අලුතින් ගොඩනැගිලි  ඉදි වන්නට වූ අතර ශාස්ත්‍රිය අංශයෙන් මෙන්ම නාට්‍ය,ක්‍රීඩා ආදී විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද විශාල ප්‍රගතියක් අත්කර ගන්න  සමත් විය.  දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් සමස්ථ ලංකා  දක්වා තරග කරන්නට අප පාසලට හැකියාව ලැබිණි. තනි ඉසව් වලින් මෙන්ම අත් පන්දු වැනි කණ්ඩායම් තරග වලින් තරගකරුවන් මේ සඳහා ඉදිරිපත් විය. බාල දක්ෂ ව්‍යාපාරය පාසල් සමූපකාර ආදී විවිධ අංශ පාසල තුළට එකතු වන්නට විය. කෘෂි විද්‍යාව තුළින් පාසල තුල වගා ව්‍යාපෘති ඇති කරන්නටත් එදා ගුරු භවතුන්ට හැකි විය. නර්තනය සංගීතය වැනි සෞන්දාර්යාත්මක විෂයන් තුළින් බොහෝ සිසු දැරියන් විවිධ දක්ෂතා පෙන්නුම් කරන්නට විය.භාෂාව ආගම සාහිත්‍ය ආදී විෂයයන් තුළින් සිසුන්ගේ කථිකත්වය ඉහළට ඔසවා තබන්නට එදා ගුරුභවතුන් යුහුසුළු වූහ.පාසල තුළ විවිධ වාද විවාද තරග පැවැත්වීම  සඳහා සිසුන් විවාද කණ්ඩායම් වශයෙන් කටයුතු කළහ. බ/ බිබිලේගම මහා විදුහල පර්ෂද මුලස්ථ විද්‍යාලයක් වශයෙන් ප්‍රදේශයේ අනෙක් පාසල් වලට නායක්තවය දෙමින් භෞතික හා මානව සම්පත් බෙදා හදා ගනිමින් අනෙකුත් කුඩා පාසල් වලටද ගෞරවාදයට පාත්‍ර වන්නට විය.

1996 දි 5 ශිෂ්‍යත්ව විභාගය මෙම පාසලේ කිර්ති නාමය දිවයින පුරා ගෙන යන්නට සමත් විය. ඒ පහේ ශිෂ්‍යත්ව  විභාගයෙන් දිවයින ප්‍රථමයා මෙම පාසල තුළින් බිහි විම නිසාය. ලකුණු 200 න් 198ක් ලබා ගත් එම ශිෂ්‍යයා සුධීර ප්‍රවීන් ජයරත්න බණ්බාර නම් විය. ඔහු වර්තමානයේ විශේෂඥ වෛද්‍යවරයෙකි.

1998 දී මෙම පාසල තවත් ඉදිරි පිංමක් සනිටුහන් කරන්නට විය. SDS ව්‍යාපෘතිය යටතේ ඉදි වූ නවෝද්‍යා විද්‍යාලයක් බවට පත්වීම නිසාය. එම නිසා රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කරමින් රජය මෙම විදුහලට නව ගොඩනැගිලි ඉදිකර දෙන්නට කටයුතු කරන ලදි. ඒ අතර උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් තාක්ෂණික ගොඩනැගිලි සහ පංති කාමර සහිත ගොඩනැගිල්ලක් ද පාසල් පරිසරය නවීකරණය කරන්නට විය. ඒ සඳහා ගුරු නිවාස දෙකක් ද ඉදි විය.මේ නව පිබිදිමත් සමග පාසලට නව තාක්ෂණය ගලා එන්නට විය. එනම් ගම්බද දරුවන්ට සිහිනයක්ව තිබූ පරිගණක තාක්ෂණයයි. වන මං පෙත් සොයමින් ඉදිරියට යමින් සිටි විදුහල් මාතාව වර්ෂ 2011 දී සියවස් ගිතය ගයමින් සියවස සමරන්නට විය.

ඉන්පසු එළබියේ වසර කීපයක් පමණි. රජයේ පාසල් වර්ගීකරණය හමුවේ බ/බිබිලේගම මහ විදුහල ද්විතීයික ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් වශයෙන් ඔසවා තබන්නට විය.ඒ මහින්දෝදය බහුකාර්ය විද්‍යාගාරයද පාසට තිළිණ කරමින් එනම් 2014 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවයකදීය.

 ඒ සමගම පාසලේ ප්‍රාථමික අංශය වෙනම පාසලක් වශයෙන්ද ස්ථාපිත කර පවත්වාගෙන යන්නට කටයුතු කරන ලදී. දැනට ප්‍රාථමික හා ද්විතියික අංශ දෙක අක්කර 5 1/2 පමණ භූමියකින් සමන්විත වේ.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලේගම බටහිර ග්‍රාම නිළධාරී වසමේ පිහිටි මෙම පාසලේ පෝෂක ගම්මාන වශයෙන් බටහිර,නැගෙනහිර,ඇත්පට්ටය,කණවැරැල්ල,මාඋස්සාගොල්ල,පරපාව ආදී ඈත දුර බැහැර ප්‍රදේශ වලින් සිසුන් පැමිණ අධ්‍යාපනය හදාරා දිවයීනේ විවිධ ප්‍රදේශ වල සේවය කරන විවිධ නිළධාරීන් බිහිවන්නට විය.

සියවසක් සපුරා තිබියදීත් ද්විතීයික පාසලක් වශයෙන් කිරුළ පලන් බ/බිබිලේගම මහා විද්‍යාලය 2021 දී නව ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පස්සර අධ්‍යාපන කලාපයෙන් සංවර්ධනය කරන පාසල් 5න් එකක් වශයෙන් තෝරාගෙන  තිබිම විද්‍යාලය වෙනුවෙන් ඇගේ දරුවන්ටත් ඇගේ ප්‍රජාවටත් ආදී ශිෂ්‍ය ශිෂයාවන්ටත් ලක්වාසි සැමටත් ඉමහත් ආඩම්බරයට කරුණකි. මෙය විශේෂයෙන් ග්‍රාමීය ජනාවාසයක් වන අප සැමගේ සුවිශේෂි ජයග්‍රහණයකි.

 

 

 

BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bibilegama Maha Vidyalaya,Bibilegama,Passara

: (+94)555676705

: (+94)555676705

: [email protected]

Supported By

© 2026 BIBILEGAMA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk