භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • බ/බිබිලේගම මහා විද්‍යාලයේ විනය කමිටුව මඟින් ඔබේ දරුවාගේ යහපැවැත්ම සහ විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා පහත දැක්වෙන විනය නීති මාලාව ඉදිරිපත් කරනු ලැබේ.

     

    • පාසල් වැඩ කටයුතු ආරම්භ කිරීම අවසන් කිරීම.

              ආරම්භය පෙ.ව.07.30  අවසන් කිරීම ප.ව.1.30

    • සෑම සිසු සිසුවියක් පෙ.ව.7.00ට පාසලට පැමිණිය යුතුය.
    • ශිෂ්‍ය නායක මණ්ඩලය පෙ.ව.6.45ට පාසලට පැමිණිය යුතුය.
    • ශිෂ්‍ය නායක මණ්ඩලයේ අධීක්ෂණය මත සිසු සිසවියන් පාසල් ප්‍රවේශ දොරටුවෙන් ඇතුළත් කරගනු ලැබේ.එහිදී පාසල් නිළඇඳුමට අනුකූළව පැමිණ සිටීදැයි පරීක්ෂා කරනු ලබන අතර එසේ නොවන සිසු සිසුවියන් විදුහල්පති හමුවට පමුණුවනු ඇත.
    • කාල වේලාව ඉක්මවා පැමිණෙන සිසු සිසුවියන් ප්‍රවේශ දොරටුවෙන් ඇතුළත් කරගනු නොලබන අතර නියෝජ්‍ය විදුහල්පති හමුවට පමුණුවනු ලැබේ.නිරතුරුවම පමා වී පැමිණෙන සිසු සිසුවියන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

     

  •  වෙනත් විනය නීති

    • සිසුන්ට ජංගම දුරකථන පාවිච්චිය සපුරා තහනම් වන අතර එසේ පරිහරණය කොට අසුවුවහොත් ජංගම දුරකථනය විදුහල සතු කරන අතර එයට නිසි දඬුවම් ලබාදෙනු ඇත.(එම දුරකථනය කිසිම හේතුවක් නිසා හෝ දෙමාපියන් වෙත‌ට දෙනු නොලැබේ.)

      

    • පාසලේ සියළුම භෞතික සම්පත් හා මානව සම්පත් සුරැකීමට සියළුම සිසු දරු දැරියන් බැදී සිටිය යුතු අතර භෞතික සම්පත්වලට හානියක් කළ විටකදී ඒ සඳහා වන්දියක් ලබාදීම අනිවාර්ය වේ.

     

    • පාසලේ මානව සම්පත්වලට ( විදුහල්පති,ගුරුවරුන්,අනධ්‍යන සේවකයන්,සිසුදරු දැරියන් )හානි කරන ක්‍රියාවල නොයෙදිය යුතු අතර එවැනි විනය විරෝධි ක්‍රියාවලදී විනය මණ්ඩලය විසින් ලබාදෙන දඩුවම්වලට යටත් විය යුතුය.

     

    • මත්ද්‍රව්‍ය පාසල තුළට ගෙනඒම,බෙදා හැරීම,භාවිත කිරීම සපුරා තහනම් අතර එවැන්නකදී විනය මණ්ඩලය විසින් පාසලේ යහපැවැත්ම සඳහා ගනු ලබන දරැවන් දෙමාපියන් එකඟවිය යුතුය.

     

    • පාසල් දරුවන්ගේ ප්‍රේම සබඳතා වැනි විනය විරෝධි කටයුතු හේතු සහිතව හෙලිදරවු වූ විට විනය මණ්ඩලය විසින් නිසි උපදේශන ලබාදෙනු ලබන අතර ඉන් පසුවද එවැන්නක් සිදුවේ නම් දෙමාපියන් දැනුවත් කොට දෙසතියක පංති තහනමක් ලක්කරනු ලැබේ.එසේ නැතහොත් විනය මණ්ඩලයේ තීරණයට යටත් විය යුතුය.

     

    • පාසල් සිසු දරුවන් තම ශිෂ්‍ය කාලය තුළදී පාසල තුළ හෝ ඉන් බැහැරදී පාසල් කීර්ති නාමයට කැළලක් වන සේ කටයුතු කළ බව සනාථ වුවහොත් විනය මණ්ඩලයේ තීරණ අනුව සුදුසු දඩුවමක් දෙනු ලැබේ.

     

    • මෑතකදී පාසලෙන් අස්වගිය සිසු දැරියන් අධ්‍යාපන අවශ්‍යතා සඳහා පැමිණෙන අවස්ථාවලදී පාසලට ගැළපෙන සුදුසු ඇඳුමකින් පැමිණිය යුතු අතර ඒ සඳහා පැමිණිය යුත්තේ බ්‍රහස්පතිනදා දිනයේදි පමණි.

     

     බ/බිබිලේගම මහා විද්‍යාලය විනය කමිටුව

     

    • සභාපති-විදුහල්පති එච්.එම්.එල්.බී.හේරත් මහතා
    • නි.විදුහල්පති පූජ්‍ය හිඟුරුකඩුවේ මහානාම හිමි(අධ්‍යාපන පරිපාලන)
    • නි.විදුහල්පති ආර්.එම්.ධර්මසේන මහතා(අධ්‍යාපන සංවර්ධන)
    • ජේ.එම්.එස්. ජයසුන්දර මහතා
    • එච්.එම්.සුමනාවතී මිය
    • ඩබ්.අයි.ඩී.ප්‍රියන්ත කුමාර මහතා
    • ඩබ්.එම්.වයි.වනසිංහ මිය
    • එස්.එම්.ජනක සම්පත් මහතා

    කිසිම සිසුවියකට හෝ සිසුවෙකුට පාසල් කාලය තුළ ගුරුවරුන්ගේ අනුමැතියකින් තොරව පාසලින් බැහැරවීමට ඉඩ දෙනු නොලැබේ. අතිරේක පංති සඳහා යන සිසුදරු දැරියන් තම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කළයුතු අතර පාසලේ කීර්ති නාමයට අගෞරවයක් වන පරිදි හැසිරි ඇති බව සනාථ වුවහොත් විනය මණ්ඩලයේ ලබාදෙන දඬුවම්වලට යටත් විය යුතුය.

BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bibilegama Maha Vidyalaya,Bibilegama,Passara

: (+94)555676705

: (+94)555676705

: [email protected]

Supported By

© 2026 BIBILEGAMA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk