භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
  • නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

බ/බිබිලේගම මහා විද්‍යාලය

 1906  වර්ෂයේ  සිරි  සුසීමාරාම  විහාරස්ථානයේ ‌ කේන්ද්‍ර  කර   ගනිමින්  1911  වර්ෂයේ  පූජ්‍ය ලියන්ගහවෙල  ගුණරතන  වහන්සේ  විසින් ආරම්භ කරන ලද, එකළ  මංහින්න  අරණ   ඉඩමෙහි    බිබිලේගම නම්  පාසලේ  ජන්ම භූමිය විය. එහි   විදුහල්පතිවරුන්  සහ   ආචාර්යවරුන්  කිහිපපෙළක් යටතේ  ශිල්ප  ලබා  දෙමින්  අධ්‍යාපනයට මඟ  පෙන්වූ  මෙම  පාසල  1963  වර්ෂයේ  දැනට  පාසල  පිහිටි   වැවේකැලේ  වතු  යායට  ආසන්න  බඹරගල  කඳු  පාමුල  තැන්නේ  කුඹුර  වෙල්යාය  ආසන්නයේ පිහිටුවුණු අධ්‍යාපනයේ තෝතැන්නක් වූ මෙම පුණ්‍යවන්ත භූමිය මත අදටත් පාසල අභිමානයෙන් ජාතියට දරුවන් බිහි කරයි.

1-12 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසලක් වූ මෙය 1970 දශකය වනවිට සරසවි මෑණියන් තුරුලට දරුවන් යොමු කරන විඳු මාතාවක් බවට පත්විය.විද්‍යා,ගණිත විෂයන්  සමඟ කලා අධ්‍යාපනය හිමිකර දුන් විදු මාතාව 1999 වර්ෂයේ නවෝද්‍යා පාසල් සංවර්ධන වැඩසටහන සමඟ උසස් පෙළ විද්‍යා හා වාණිජ අංශ ආරම්භ කිරීමෙන් පසු සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම නිපුණතාවයන්ගෙන් පිරි දරුවන් පාසලෙන් එළි දකින්නට විය.

වර්තමානය වන විට විදුහල්පතිවරුන් සහ විවිධ කුසලතා පිරිපුන් ඇඳුරුමඩුලුවලින් යුක්තව කලින් කලට සෞන්දර්යය,කලා,ක්‍රීඩා සහ භාෂා ආදියෙහි සමස්ත ලංකා ජයග්‍රහණ තුරුල් කරගන්නට විය.විවිධ රජයන් විසින් ලබාදෙන විවිධ පාසල් මට්ටම් යටතේ සෑම විටම බ/බිබිලේගම මහා විද්‍යාලය ඉදිරියට ඔසවා තබන්නට විය.

2012 වසර වන තෙක් 1-13 ශ්‍රේණි ඒකාබද්ධව පැවතියත් 1993 වසර වන විට ශ්‍රී ලංකාවේ 5 ශිෂ්‍යත්වයෙන් ප්‍රථමයා බිහිකළ අභිමානයට ලක්වුවත් දැනට 1-5 ප්‍රාථමික හා 6-13 ද්විතීයික වශයෙන්  වෙන්වී විදුහල්පතිවරුන් දෙදෙනෙක් සහ ආචාර්ය මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල 2020 ජාතික පාසල් 1000 වැඩසටහන යටතේ 6-13 ශ්‍රේණි අඩංගු ද්විතීයික පාසල ජාතික පාසලක් බවට පරිවර්තනය කෙරිණි. එයින් පසු 2020 වර්ෂයේ කලා, වාණිජ අංශයේ අධ්‍යාපනය හැදෑරු සිසුන්ගෙන් හරි අඬක් පමණ සරසවි මෑණියන්ගේ තුරුලට යොමුකරවීම මෙම පාසල ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස අගය කරන්නෙමු.

ආදි ශිෂ්‍ය විදුහල්පතිවරුන්,ආදි ශිෂ්‍ය ගුරුවරුන් සහ දෙමාපියන්ගේ ආදි ශිෂ්‍යයන්ගේත් සහ සුභ පතන්නන්ගේත් කැපවීම් මත මෙම පාසල තුළින් ජාතියට අවශ්‍ය අනාගත දරුපරපුර ගුණාත්මකව බිහි කිරීම සඳහා දරණ ප්‍රයත්නය ඉතා අගය කොට සලකමි. එම වෑයම තුළ අප පාසලේ ‌වෙබ් අඩවිය සංවර්ධනය කිරීම සඳහා පසුබිම මේ වන විට සැලසී තිබීම අප ලද තවත් ජයග්‍රහණයකි. එතුළින් අප පාසල ගෝලීය ලෝකය හා එක්වීම පාසලේ ඉදිරි ප්‍රගමනයට මහත් අත්වැලකි.  "සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන පාසලේ ක්‍රියාවට නංවන ගුරු සිසු දෙපාර්ශවයටම මාගේ හෘදයාංගම සුභාසිංශන එක් කරමි...!

                                                                                                        

ආර්.එම්.ධර්මසේන

අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති

භූගෝල විද්‍යා විශේෂ උපාධි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bibilegama Maha Vidyalaya,Bibilegama,Passara

: (+94)555676705

: (+94)555676705

: [email protected]

Supported By

© 2026 BIBILEGAMA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk