විදුහල්පති පණිවිඩය
බ/බිබිලේගම මහා විද්‍යාලය

වත්මන් යුගයේදී බ/බිබිලේගම මහා විද්‍යාලයේ භෞතික සම්පත් වලින් පූර්ණ වී ඇත. මෙය ඵලදායි වනුයේ අධ්‍යාපනික වශයෙන් සහ අනෙකුත් අංශ වලින් හා ක්‍රීඩාවෙන් පිරිපුන් දරුකැළක් තුළිනි.
අද ලෝකය විශ්ව ගම්මානයකි. 21 වන වර්ෂයේ ආරම්භය එහි හැරවුම් ලක්ෂයයි. අද අප ජීවත් වන යුගය තොරතුරු තාක්ෂණ යුගයයි. බිබිලේගම ද්විතීයික විද්‍යාලයේ එකී යුගයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පියවර තබමින් සිිටියි. මාර්ගගත අධ්‍යාපන තුළින්, SMART පුවරු හා ටැබ් පරිගණක ආශ්‍රයෙන් ගුරුවරු සහ සිසුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථකව සිදුකරන ආකාරය ඉතා ප්‍රශංසනීයයි.
ගෝලීය ලෝකය ජයගැනීම සඳහා පරිගණක සාක්ෂරතාවය ඉහළ මට්ටමක පැවතිය යුතු මෙවන් කාලවකවානුවක "සයිබර් ලොවට පියාපත්" වැඩසටහන ඔස්සේ වෙබ් අඩවි සංවර්ධනය කිරීමට පාසලට ලබාදුන් ඉඩප්‍රස්තාව මගින් අප විද්‍යාලය සයිබර් අවකාශයට එක් කිරීමට ලැබීම ඉතා අගය කොට සලකමි. එමගින් පාසල් සිසුන්ගේ පරිගණක කුසලතා ඔප්නැංවීමට වැඩි ඉඩප්‍රස්තාවක් ලැබෙන අතර එමගින් පාසලේ ප්‍රගමනයට ලැබෙන දායකත්වය අතිමහත්ය.
බිබිලේගම මහා විද්‍යාලය නමින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ මූලික අදහස ලබාදෙමින් ඒ් වෙනුවෙන් කැප වන අපගේ දූ දරුවන්ට ගුරුභවතුන්ට හදපිරි ස්තූතිය පිරිනමන අතර ඒ සැමගේ අනාගතය යහපත් වේවා' යි සුභාශිංසන එක් කරමි.
විදුහල්පති
විදුහල්පති සේවය - I
ශාස්ත්‍රවේදී උපාධිය
කොළඔ විශ්ව විද්‍යාලය
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (ජාතික අධ්‍යාපන ආයතනය)