නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (අධ්‍යාපන පරිපාලන)
බ/බිබිලේගම මහා විද්‍යාලය

පස්සර අධ්‍යාපන කලාපයේ බිබිලේගම මහ විදුහල ප්‍රමුඛස්ථානයක් ගන්නා අධ්‍යාපන ආයතනයකි.අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප පාසල අද වන විට බොහෝ දරු පිරිසකට සිප් සතර ලබාදෙන කීර්තිමත් පාසලක් බව සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.
1911 පටන් මේ දක්වා පස්සර ප්‍රදේශයට පමණක් නොව රටටම මෙන්ම ලෝතලයටම වැඩදායි වියතුන්, ගුණතුන්, නායකයින් වැඩි පිරිසක් බිහි කරන්නට විදුහල් මෑණියන්ට හැකිවීම ගෞරවයෙන් සිහිපත් කරමි. වාර්ථාගත ප්‍රථිඵල තුළින් රටටම පළමු වැනියන් බිහිකිරීමේ වාසනාවද මෙම විදුහල් ඉතිහාසයේ අමරණීය වුු මතක සටහනකි. ස්වාභාවෙයන්ම සුන්දර පරිසරයක පිහිටි විදුහල තුළ වටිනා අධ්‍යාපනික පරිසරයක් ගොඩනගමින් ගුණවත් නැණවත් දරු පිරිසක් පසුගිය සියවස පුරාම රටට දායාද කරන්නට වෙර දැරූ විදුහල්පතිවරුන්‌ගේ හා ගුරුභවතුන්‌ගේ සේවය ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
විදුහලේ එම අභිමානවත් බව තව දුරටත් මුවහත් කරමින් 2015 වසෙර්දි මෙමෙ විදුහල රට තුළ සංවර්ධනය වන ද්විතිීක පාසල් දහස අතරට එක්විමේ වාසනාවද උදාකර ගන්නා ලදී. බුදු දහමේ උගන්වන සියලු ආගමික සංකල්ප පෙරදැරි වනු දැකීම පාසල තුළ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නට මඟ පාදනු ඇත.එබැවින් ආගමික ලැදියාවට මුල් තැන දී දරුවන් ගුණ දහමින් පෙරට ගෙන ඒමත් අපගේ වගකීම විය යුතුය. එසේම නව තාක්ෂණික ලෝකය තුළ මුලානොවී ගෝලීය ලෝකය හා එක් වන්නටද දරුවන්ට මග පෙන්වීම ද කාලීන අවශ්‍යතාවයකි. එවන් කාලයක දී අප පාසල ගෝලීය ලෝකය හා එක් වන්න්නටග සලසා දීමට මේ දරන වෑයම ඉතා අගය කොට සලකමි. ඒ සඳහා ඇප කැප වන ගුරු සිසු ඇතුළු සියළු පාර්ශවයන්ට තුණුරැවනේ ආශිර්වාදය ලැබේවා' යි සෙත්ට පතමි.
හිඟුරුකඩුවේ මහානාම හිමි.
අධ්‍යාපන පරිපාලන නියෝජ්‍ය විදුහල්පති
ශික්ෂණ විද්‍යා ඩිප්‌ලෝමාධාරී