Agri Club

ස්වභාවික කෙත්වතු සහ තේ වතු වලින් අලංකෘත රමණීය පරිසරයක අප පාසල පිහිටා තිබේ. පාසල පිහිටි භූමිය තුල කෘෂි කාර්මික වගාවට වැඩි ඉඩ ප්‍රස්ථාවක් වෙන් වී ඇති අතර පාසල තුල විවිධ භෝග වගාවන් දැක ගත හැකිය. පාසල ආරම්භක  අවධියේ පටන් වරු ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපන කටයුතු සිදුකල කාලවකවානුවේ සිට පාසලේ කෘෂිකාර්මික කටයුතුවලට දැක්වූ නැඹුරුතාවය මේ දක්වා  ක්‍රමයෙන් වර්ධනය වී තිබේ.

ඒ අනුව 2022 වර්ෂයේ අධ්‍යාපන  අමාත්‍යාංශය මඟින්  ක්‍රියාවට  නංවන පාසල් ගෙවතු වගාව යන සංකල්පය ක්‍රියාවට නංවමින් අප පාසල තුළද  විවිධ භෝග වගා කිරීමට සහ විවිධ ආහාර නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබේ.

එහි මූලික පියවරක් ලෙස පාසලේ කෘෂි  සංගමය පිහිටුවමින් ඊට සමගාමිව විවිධ  කෘෂි  කාර්මික ක්‍රියාකාරකම්  සිදු කරනු ලබයි.

එහි ඉදිරි පියවරක් ලෙස 2021-2023 අ.පො.ස උසස් පෙළ සඳහා   කෘෂි  විද්‍යාව විෂයද පාසල තුල ආරම්භ කෙරුණි. තවද මේ වන විට facebook සමාජ ජාල පිටුව හරහා ද පාසලේ කෘෂි සංගමයේ නවතම තොරතුරු පිළිබඳ යාවත්කාලීන කිරීම් සිදුකරනු ලබයි. 

ඩබ්. එම්. චාමිකා රසාංජලී මෙනවිය

කෘෂිකර්මය විෂයභාර