2003 වර්ෂයේ දී ආරම්භ කරන ලද ඉංග්‍රීසි සාහිත්‍යය සංගමය අප පාසලේ ක්‍රියාත්මක වන සුවිශේෂී සමාජ සංගමයකි. මෙහි අරමුණ වන්නේ සිසු පිරිස තුල ඉංග්‍රීසි සාහිත්‍ය දැනුම හා ඉංග්‍රීසී භාෂාව භාවිතය වැඩිදියුණු කිරීමයි. මෙම සංගමය ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගා ලද්දේ අප විද්‍යාලයේ හිටපු විශ්‍රාමලත් විදුහල්පති ඒ .එම්. චන්ද්‍රසිරි අත්තනායක මහතාය. එවකට එතුමා අප විද්‍යාලයේ ඉංග්‍රීසී ගුරුවරයකු වශයෙන් සේවය කරනු ලැබීය. එතුමා විසින් ශිෂ්‍යයන්ගේ ඉංග්‍රීසී දැනුම සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදි.
ඒ අනුව,
- සිකුරාද දින ඉංග්‍රීසි දිනයක් ලෙස නම් කරමින් උදෑසන රැස්වීම ඉංග්‍රීසියෙන් පැවත්වීම..
- ඉංග්‍රීසි සාහිත්‍යය සමිතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම.
- අගෝස්තු මාසයේදි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසී කඳවුරක් පැවැත්වීම.
- පාසලේ දැන්වීම් පුවරු ඉංග්‍රීසී බසින් ප්‍රදර්ශනය කිරීම.
- පාසලේ ඉංග්‍රීසි ඒ්කකයක් ද ස්ථාපනය කරීීම
එතුමා අතින් සිදුවූ අනගි මෙහෙවරයන්ය. එතුමා විදුහල්පති වශයෙන් කටයුතු කරන කාලවකවානුවේදී පාසලට හඳුන්වා දෙනු ලැබූ Peasecorpe වැඩසටහන මේ වන විටත් පාසලේ ක්‍රියාත්මක වේ. එදා මෙදා තුර පාසලේ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම හා කුසලතා ඔප්නැංවීම පිණිස කටයුතු කළ සියළු ගුරුවරු මෙි අවස්ථාවේ දී ඉතා කෘතවේදීව සිහිපත් කළ යුතුය.
එම සියළු ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ මේ වන විට පාසලේ ස්ථාපනය කර ඇති ඉංග්‍රීසි ඒකකය හරහා විශේෂ වැඩසටහන් සෑම සිකුරාදා දිනකම උදෑසන රැස්වීමේ දී ක්‍රියාත්මක කරනු ලබයි.
