2005 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ආරම්භවීමත් සමඟ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සංගමය ආරම්භ විණි. ඒ් අනුව අප විද්‍යාලයේ හිටපු විදුහල්පති විශ්‍රාමලත් ඒ්.එම්. චන්ද්‍රසිරි අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් පරිගණක 20කින් සමන්විත පරිගණක ඒකකය හරහා පරිගණක පාඨමාලා ක්‍රියාත්මක කරන ලදී. පසුව 2014 වර්ෂයේ ද්විතියික පාසල්න්දෝ දහස ව්‍යාපෘතිය යටතේ අප විද්‍යාලය ද්විතීයික පාසලක් බවට පත් වූ අතර එහිදී අප විද්‍යාලයේ මහින්දෝදය පරිගණක විද්‍යාගාරය ස්ථාපනය කිරීමත් සමඟ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සංගමය නව මාවතකට අවතීර්ණ විය.
ඒත් සමගම පරිගණක නඩත්තු කිරීම හා යාවත්කාලීන කිරීම සම්බන්ධව පරිගණක දෘඪාංග හා ජාලකරණ කණ්ඩායමක් පාසලේ සිසුන් අතරින් තෝරා පත්කරගන්නා ලද අතර සෑම වර්ෂයකදීම නව සාමාජිකයන් බඳවා ගනිමින් එම කණ්ඩායම සක්‍රීයව තොරතුරු තාක්ෂණ සංගමයේ කටයුතු සිදුකරගෙන යනු ලබයි.
තවද 2017 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) කලා /වාණිජ විෂයධාරා සඳහා තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වාදීමත් සමග තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයන් වැඩිවිය. එහි ඉදිරි පියවරක් ලෙස ක්‍ෂුද්‍ර පාලක භාවිතය පිළිබඳව වැඩමුලු සමගින් නව නිපැයුම් නිර්මාණ කරනයටත් වෙබ් අඩවි සංවර්ධනය කිරීමටත් සිසුන් මේ වන විට යොමු වී ඇත.
|
පූජ්‍යපාද හිගුරුකඩුවෙ මහානාම හිමි නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) මහින්දෝදය විද්‍යාගාර කළමණාකරු |
කේ.ආර්.අයි.එන්. රාජමන්ත්‍රී මිය තොරතුරු තාක්ෂණ විෂයභාර
|
|
පී. එම්. චේතිය නිමේෂ් දිව්‍යාංජන සභාපති |
ඩී. එම්. චමුදි ඉසංකා ලේකම් |
|
එස්. කේ. හේෂාන් කල්හාර |
ඩී. එම්. ඔෂාන් කාවින්ද |
|
ඩී. එම්. අශාන් පියමන්ත |
ඩී. එම්. සංදීප දෙනුවන් |







